Tuesday, August 3, 2010

අසේවනාච බාලානං පන්ඩිතානන්ච සේවනා


අපි කෝස් 1ක් කරල පළවෙනි පුහුණුවට ආයතනයකට යොමු කලා

මෙතනදි උන සීන් 1ක් තමා

ඔන්න ඉතින් අපි QS Training කියල තමා ගියෙ

QS කිව්වහම කව්රුත් දන්නවනෙ ඉතින් ඉංජිනේරු අංශයෙ කියල

QS කියල ගියාට මොකෝ site superwsing වලට අපිව දැම්මෙ

ඔතනදි ඉතින් ඔළු ඉදිමුණ අයියල අක්කලත් හිටිය අපි ඉතින් මල්ලිලනෙ

ඔය අක්කල අයියලගෙ කුණු අදින්නත් උනා අපි දෙන්නට

කුණු කියන්නෙ ඒ ඒ අයට පැවරිල තිබුන වැඩ ඒක උන් කියන්නෙත් නිකන් නෙමේ බටර් ගාල ඇදදදල

මල්ලි Training වලදි තමා මේව අහුවෙන්නෙ

කට්ට තමා ඉතින් කරගෙන ගියොත් ඉතින් ගොඩතමා

ඔය වගේ එක එක බටර් ජාති ගානවමොනව කොරන්නද උන්ගෙ අම්මට තාත්තට බැන බැන හිටිය

ඔය අතරෙ දවසක එක අක්ක කෙනෙක් කතා කරල කියනව මල්ල QS Training වලට නේද ආවෙ මෙන්න වැඩක් තියෙනව හොද මල්ලිල වගේ මේ Bill එක Site එකෙන් Check කරගෙන එන්නකො කියල

අපිටත් වැඩක් නැතුව හිටියෙ

ඒක Landscaping Bill එකක්

අපිත් ටේප් 1 අරගෙන ගියපි

ඕකෙ තියෙනව

Ambarella tree 03

Mango tree 01

Araliya Tree 01

Orkid tree 06

Croten tree 66

ඔය වගේ නානාප්‍රකාර ගස් වර්ග තිබුන

අපි දෙන්න ‍මේව සල්ලි දීල හිටවපු පිස්සන්ට බැන බැන ගස් ගනිනව

මොකද අපි QS ලනෙ මම ගස් ගනිනව අනික ලිස්ට් 1 කියවනව කොහොම කොහොම හරි පැය 2ක් විතර ගිහින් ලිස්ට් 1 ඔක්කොම හරි ඒත් 1ක් ‍ඉතුරු උනා

ගහේ නම තමා "එඩාඩ "අපි ආයෙත් බැළුව ඒත් නෑ

මොන මගුලක්ද කියල ගියා office එකට

කිව්ව

අක්කෙ ඔක්කොම check කලා හරි

ඒත් එකක් නෑ මොකක්ද මල්ලි නැත්තෙ කියල අක්ක ඇහුව

අපි කිව්ව අර එඩාඩ කියන ගස් 3 නැ කියල කෝ දෙන්න බලන්න කියල ලිස්ට් 1 අක්ක ගත්ත දෙන්නගෙම මුණු දිහා බලල හොදදද හිනාවක් දැම්ම

අක්ක කියාපි මල්ලි මේක පොඩ්ඩක් සතිශ් අයියට ගිහින් කියන්නකො කියල

මොනව කොරන්නනද ගියා ගිහින් කිව්ව

මිනිහත් මුණ දිහා බල බල හිනා වෙලා ඇහුව කව්ද මල්ලිලව මා ගාවට එව්වේ කියල?

අර සක්කරවට්ටමගෙ නමත් කිව්ව

අනේ මල්ලි ඉ‍රෝශාන් අයියට ගිහින් පෙන්නන්නකො කියාපි මූත්

ඉරෝශාන් කියන්නෙ අපේ Site Manager

මට නිකන් ‍ඉවෙන් වගේ තේරුනා අපිට කොහෙ හරි බුලක් වැදිල තමා කියල

මුන් අපිව කඩේ යවන විදිහට

මම කොකටත් කියල ලිස්ට් 1 අරන් මුල ඉදල කියවල බැලුව

ආආ දීල තියෙන්නෙ දෙන්නම

මගේ අති ගරු මිත්‍ත්‍රය එඩාඩ කියල හොයල තියෙන්නෙ “” EDDHA “”මෙන්න මේක

මුව මරලත් මදිනෙ මේකෙ තියෙන්නෙ ඉද්ද කියල type කරද්දි I වෙනුවට E ගහල

වැඩක් නෑ ඉතින් කාඩ් 1 චොරම උනා

Tuesday, June 22, 2010

****අවශ්‍ය නම්****


ඔබට ආදරය අවශ්‍ය නම්
බලන්න ආදරයෙන්
ඒ දෙස
ලැබීම කිසිවෙකුට වැලැක්විය
නොහැක

Wednesday, June 16, 2010

------ මා දනිමි ------

නුඹ මට ආදරය බව මා දනිමි
මම නුඹට ආදරය බව මා දනිමි
අප කල කී දෙ අමතක ‍නොවන බව මා දනිමි
නුඹ මගෙන් දුරස්ව ඇති බව දනිමි
නුදුරු දිනක නොපෙනී යන බවද දනිමි
නමුත් ‍‍‍මේවා වන්නේ ‍කොහොමද
නොදනිමි -------

Tuesday, June 15, 2010

ඔන්න මමත් BLOG කලාවට ඇතුල් උනා


මම ගොඩක් කල් ඉදලBlog කියවනව . ඒත් මටත් Blog 1ක් කරන්න ආසාවක් ආවෙ මේ ලගදි . කොහොම හරි 1ක් පටාටාටාං ගත්ත හරි යයිද නොයයිද කියලනනම් දන්නෙ නෑ . ම හිතාගෙන ඉන්නෙ මේකෙ හැම දෙයක් ගැනම කතා කරන්න . ගහ කොල /අහස /මුහුද /අපේ හිත /අපේ රජය /ප්‍රේමය ////// ජීවිතය /// හැම දෙයක්ම . සිංහෙලෙන් කියනවනම් හැම මගුලක්ම...






මතක තියාගන්න මමයි

-----හිතුවක්කාරී -----